හෙට සිට පෞද්ගලික බස් සේවා අඩාල වීමක්

හෙට (20) දිනයේ දී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු වුව ද, හෙට දින සහ ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා දින ද බස් රථ ධාවනය 10%ත් 20% දක්වා අවප්‍රමාණ විය හැකි බවකි.දුර ගමන් සේවා බස් රථ සේවාව විශේෂයෙන්ම අඩාල වන බවත් එම බස් රථවල සේවකයින් ගම්බද ප්‍රදේශවල ඡන්දය දැමීමේ කටයුතු සඳහා යාම හේතුවෙන් එලෙස බස් ධාවනය අඩාල විය හැකි බවත් හෙතෙම පැවසීය.කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සෑම දිස්ත්‍රික්කයකට ම බස් රථ 750ක් පමණ මැතිවරණ කටයුතු සඳහා යොදවා තිබෙන බවත් හෙට සිට යොදවා ඇති බස් රථ තුළින් ද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කිරීමට රජයේ උපදෙස් මත ක්‍රියා කරන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.මෙම තත්වය යටතේයළිත් බස් රථ ධාවනය යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දෙදිනක් පමණ ගත වේ යැයි ද ඔහු අවධාරණය කරයි.

කාලීන පුවත්