හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට හෙට(25) දිනයේ සිට පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුව අරමුණු කර ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.මේ වන විට පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීම යම් සතුටු දායක මට්ටමක තිබීම ද ඊට හේතු වන බව ඒ මහතා කියයි.දරුවන් පාසල් යන දිනයන්හි අනිවාර්යයෙන්ම මෙම සේවාව පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්