හෙට සිට සතියක් රට පුරා හර්තාල් ව්‍යාපාරයක්

වර්තමානයේ රට මුහුණ පා ඇති දැවැන්ත සමාජ ආර්ථික අර්බුද මුළුමනින්ම වගකිව යුතු රජය එරෙහිව රටපුරා හෙට(20) සිට සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමිති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.ඒ අනුව හෙට සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයක්ම කේන්ද්‍ර කර ගනිමින් දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහාය දක්වමින් විරෝධතාවල නිරත වීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා කියයි.

කාලීන පුවත්