හෙට(16) ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය විය හැකියි

හෙට (16) දිනයේ උදෑසන වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සැලකිමත්වන ලෙස දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

අන්දමන් සහ නිකොබාර් යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය, අද (15) උදෑසන 8.30 වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවතුනු බවද එම දෙපාර්තමේන්තුව දක්වා තිබේ.

කාලීන පුවත්