.
අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකුම වෛද්‍යවරුන් බව මේ වන විට අනාවරණය වී ඇතැයි ද නීතිපතිවරයා ඊයේ(16) අධිකරණයට දැනුම් දුන්නේය.එම පුද්ගලයා රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු නම් කොට ඇති අතර ඔහුට දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට දැනුම් දුන්නේය.අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන අයුරින් දේශන කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගත් කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරුගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකුම වෛද්‍යවරුන් බව අනාවරණය වී ඇතැයිද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.එම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.මෙම සැකකරුට මෙම මතය ප්‍රකාශ කිරීම පිණිස විදේශ රටවල වෙසෙන ඔහුගේ අනුගාමිකයන්ගෙන් සහ මෙරට පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි දන්වා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වන බවද අධිකරණයට දන්වා සිටියේය.අදාළ නඩුව විභාග වන අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි බෝධිසත්වයකු ලෙස හඳුන්වා ගන්නා සැකකරුගේ ඉරියව් මහෙස්ත්‍රාත්වරයාගේ දැඩි නිරීක්ෂණයට ලක් වී තිබුණි.ඒ අනුව සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා අංගොඩ මානසික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 24 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.