වංචනිකව ඡන්දය ප්රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.ඊට අමතරව එම චෝදනාව සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් ද නියම කළ හැකි අතර 2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නීති තරකර තිබේ.මීට පෙර වංචනිකව ඡන්දය ප්රකාශකරන පුද්ගලයකුට නියම කල දඩ මුදල රුපියල් 500ක් පමණි.