විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ලෙස හඳුන්වා ගනිමින් රූපවාහිනී,පුවත් පත් ඇතුළු ජනමාධ්‍යවල පෙනී සිටින සහ රෝගීන්ට ප්‍රතිකාර කරන විවිධ පුද්ගලයන් නිසා සමාජය මානසික යහපැවැත්ම කෙරෙහි බරපතල තර්ජන එල්ල වන අවස්ථාවන් නිරන්තරයෙන් වාර්තා වෙමින් තිබේ.ඒ අතර ඇතැම් ජන මාධ්‍ය කරුවන්ට සහ ආයතන වලට විශාල වශයෙන් මුදල් ගෙවා තමන් විශේෂඥ මනෝ වෛද්‍ය වරුන් ලෙස එම මාධ්‍යයන් මඟින් හඳුන්වා ගන්නා පුද්ගලයන් පිළිබඳව ද තොරතුරු ලැබෙමින් තිබේ.එම පසුබිම යටතේ ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මතු දැක්වෙන නිවේදනය නිකුත් කොට ඇත. “””විශේෂඥ මනෝ වෛද්‍යවරු ලෙස ව්‍යාජ ලෙස ජනමාධ්‍යවල පෙනී සිටින සහ රෝගීන්ට ප්‍රතිකාර කරන විවිධ පුද්ගලයන් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිරීක්ෂණය කර ඇත.මෙම තත්ත්වය නිසා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය හා සේවය වැරදි ලෙස අර්ථ ගැන්වී ඇති අතර, නිවැරදිව සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හඳුනා ගැනීමට ජනතාවට ඇති අයිතිය ද, උල්ලංඝනය වී ඇත
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත් ,සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ ලේඛනයක් පහත සඳහන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අන්තර්ජාල වෙබ් අඩවියේ පළ කර තිබේ .
https://slmc.gov.lk/en/public/
එම නිසා සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන් හඳුනාගැනීමට ඉහත ලේඛනය උපයෝගී කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටී”