ළඟදීම බස් ගාස්තු යළි ඉහළට

ළඟදීම බස් ගාස්තු යළි ඉහළට පෞද්ගලික බස් කර්මාන්තය දැනට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වත්මන් බස් ගාස්තු වැඩිවීම කෙසේ වත් ප්‍රමාණවත් නැතැයි බස් හිමියෝ පවසති.ඒ වුව ඉදිරි මාස තුන ඇතුළත දී බස් ගාස්තුව තවත් 25%කින් ඉහළ නැංවිය යුතු බව ඔව්හු කියති. මේ අතර පසුගිය සතියේ දී බස් ගාස්තුව වැඩිවීම වැඩි වූ ඉන්ධන මිලට සමානුපාත ලෙස සිදු වූ අතිරේක ගාස්තු වැඩි කිරීමක් පමණක් බව පවසන පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා ජාතික ප්‍රතිපත්තියට අනුව වාර්ෂික සිදුවන වාර්ෂික ගාස්තු ඉහළ දැමීමේ ක්‍රියාවලියට අනුව අනෙකුත් වියදම් ද සළකා බලා බස් ගාස්තුව යළි වැඩි කෙරෙන බව කීය එම පදනම යටතේ අවම බස් ගාස්තුව රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ද විජයරත්න මහතා කීය.

කාලීන පුවත්