මුල් අවස්ථාවේ නිවැරදි ප්‍රතිකාර තුළින් ළමා පිළිකා රෝග සුවකල හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් නීති පද්ධතියක් ගෙන ආ යුතු බවයි එම වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
ලෝක ළමා පිළිකා දිනය සෑම වසරකම පෙබරවාරි 15 වනදාට යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්නයි.ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ 04 ක් පමණ වාර්තා වෙයි.
2021 වර්ෂයේ ළමා පිළිකා රෝගීන් 1032දෙනෙකු වාර්තා වී තිබේ.2019 වසරේ ප්‍රකාශිත දත්ත අනුව ළමා පිළිකා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 224ක්.
ලියුකේමියාව , වසාග්‍රන්ථි ආශ්රිත පිළිකා , මොළයේ සහ අස්ථි පිළිකා ළමයින් අතර බහුලව දැකගත හැකියි.මෙම රෝගී තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පවත්වා තිබේ.