05 වෙනිදා සිට දිගටම විදුලිය දෙන්න

ලබන 05 වනදා සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෝ ලංකා අයිඕසී සමාගම මඟින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අප්‍රමාදවම ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඊයේ(28) පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී තිබේ.නමුදු අද දිනයේත් දිවයින පුරා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ කලාප වශයෙන් පැය 03ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.නමුත් ජනාධිපති වරයා පැවසූ අන්දමට ලබන 05 වනදා සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට ගන්නා උපාය මාර්ග මොනවාදැයි මෙතෙක් අනාවරණය වී නැත.

කාලීන පුවත්