පසුගිය මැයි 9 වන දා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂණ වලට පහර දුන් බව පැවසෙන හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් හඳුනාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිසිය පවසයි.පොලිසිය සඳහන් කළේ, අද කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ය. සැකකරු වයස අවුරුදු 53ක් වන අතර ඔහු තංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව ද පැවසෙයි.නමුත්,පසුගිය දා එම ප්රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් මැයි 9 වන දා පස්වරුව වන තුරුම එම ප්රහාර පිළිබඳව කිසිවක් නොදැන සිටි බවකි.