හදිසි අවස්ථා විවාදය අද දවස පුරා

මහජන ආරක්ෂක පනත යටතේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(27) දවස පුරා පැවැත්වෙයි. ඒ සඳහා අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. නෛතික ප්‍රතිපාදනවලට අනුව එම ප්‍රකාශනය සඳහා දින 14 ක් තුල පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොගතහොත් එය අවලංගු වෙයි. ශ්‍රිී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව හා රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීමත් මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාමත් අරමුණු කර මහජන ආරක්ෂක ආඥා පනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම නිවේදනය නිකුත් කර ඇති බව පැවසෙයි.

කාලීන පුවත්