ජන වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාධනීය වශයෙන් පිළිගත හැකි බැවින් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු යයි ජාතික ජන බලවේගයේ අදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත. ‘ ද අයිලන්ඩ්’ පුවත්පතට ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ.13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නංවමින් පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස සුදු කරන ලද ඉල්ලිමක් මත ඇය මෙම ප්‍රකාශය සිදු කොට තිබේ.