15 දා සිට දුම්රිය ධාවනය ඇරඹෙයි

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් අත්හිටුවා දුම්රිය ධාවනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට හැටන් දුම්රිය ස්ථානයට ඊයේ(07) පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.එහෙත් මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ ලබන 15 වැනිදා සිට දුම් රිය යළි ආරම්භ ආරම්භ කළ කළ ද සුපුරුදු දුම්රිය ගමන් වාර සියල්ල සම්පූර්ණ කිරීමට සති කිහිපයක් ගත විය හැකි බවය.දුම්රිය ඇන්ජින් මැදිරි සහ දුම්රිය මාර්ග තත්වය පිළිබඳ පූර්ව පරීක්ෂාවක් කළ යුතු වීම ඊට හේතුව බව ද ඔහු කීය

කාලීන පුවත්