අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) බලපෑම මත දිවයිනේ නිරිත දිග ඇතුළු බොහෝ ප්‍රදේශවලට මේ මස 17 වැනිදා සිට 20 වැනිදා තෙක් වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ අනුව නිරිත දිග ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවලට කෙටි කාලසීමාවක් තුළදී තද වැසි ඇද හැලෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුව නිසා කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නාය යාමේ අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව සහ ගංගා ආශ්රිත පහත් බිම්වල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනය කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
මෙම වැසි සමග තදබල අකුණු ඇතිවිය හැකිය. තද බල අකුණු පවතින අවස්ථාවලදී කුඹුරු, තේවතු ,ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසත්, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසත්, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසත් කාලගුණ දෙපාර්ත්මේන්තුව දැනුම් දෙයි.