17 තෙක් ආයිත් වහිනවාලු

අද (14) සිට ලබන 17 වන දා තෙක් දින 4 ක් වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එසේම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි නමුත් රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ඉදිරි සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්