20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනපති එකඟතාව

ජනාධිපති ධුරයේ බලතල ඉහළ නැංවෙන ලෙස සම්මත කරගත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික එකඟතාව පළ කොට ඇතැයි පැවසෙයි.ඒ අනුව එම යෝජනාව අද(18) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කොට දෙවනුව එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට ද ජනාධිපතිවරයා එකගතතාව පළ ‌කොට ඇතැයි පැවසෙයි.ඒ අනුව 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය යළි බලාත්මක වන අතර එමඟින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වී පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාට වැඩි බලතල හිමිවීමට නියමිතය.2015දී බලයට පත් යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන එමින් ජනාධිපතිවරයාගේ බලතල දැඩි කප්පාදුවකට ලක් කොට පාර්ලිමේන්තුවේ බලය වැඩිකිරීමට පියවර ගත්තද 2019 බලයට පත් වත්මන් රජය 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය සම්මත කර ගැනීම මඟින් රාජ්‍ය බලය රාජපක්ෂ පවුල යටතේම තබා ගැනීමට අවශ්‍ය නෛතික පසුබිම සකසා ගත් බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජනාධිපති වරයා එකඟත්වය පළ කොට ඇත්තේ එවන් පසුබිමක් යටතේය.

කාලීන පුවත්