20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයක් ගැන අවධානය

මේ වන විට බලාත්මකව පවතින වත්මන් රජය මඟින් සම්මත කර ගත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ පවතින නොයෙකුත් අඩුපාඩු හේතුවෙන් එම ව්‍යවස්ථාව සංශෝධනය සදහා කෙටුම් පත් ගණනාවක් ලැබි ඇතැයි කථානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට සමගි ජනබලවේගය , ස්වාධීන නවු ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සදහා කෙටුම් පත් භාරදී තිබේ. අද(22) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී කථානායකවරයා සඳහන් කළේ අදාල සියලු කෙටුම් පත් යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන බවයි. එම සංශෝධනවලදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ දැනට බලාත්මකව පවතින 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දෝෂ ඉවත් කිරීම කෙරෙහි ය. 19 වන සංශෝධනයේ සාධනීය අංග එක්කොට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සේම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුඵ කරුණු ද මෙම කෙටුම් පත් යෝජනා වලට එක් කොට තිබේ.

කාලීන පුවත්