2022 වසරේදී බලශක්ති අර්බුදය ආරම්භ වීමට පෙර ඛනිජ තෙල් ගබඩා තොග පර්යන්තයේ තිබූ දත්ත මැකී ගොස් මහාපරිමාණ වශයෙන් ඛනිජ තෙල් තොග අතුරුදන් වී ඇතැයි මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. බලශක්ති හා ප්‍රවාහන ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
2022 වසරේදී බලශක්ති අර්බුදය ආරම්භ වීමට පෙර ඛනිජ තෙල් ගබඩා තොග පර්යන්තයේ තිබූ දත්ත පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී මැකී ගොස් තිබෙනවා. එහිදී මහා පරිමාණ වශයෙන් ඛනිජ තෙල් තොග අතුරුදන් වෙලා එම සංඛ්‍යා ලේඛන පවා හොයාගන්න නොහැකි වී තිබෙනවා. ඒ ගැන අවධානය දක්වන මෙන් මා සභාවෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ මම පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනවා. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය යුතුයි.