2022 ජූනි 1 – 2023 මැයි 31 තෙක් සේවයෙන් ඉවත් වූ වෛද්‍ය වරුන් ගැන නිල තොරතුරු නිකුත් වේ

තොරතුරු දැන ගැනීමේ හිමිකම් යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන ලද විමසීමක දී විවිධ හේතූන් මත වෛද්‍ය සේවය අතහැර ගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවන් පිළිබඳ නිල තොරතුරක් නිකුත් ව තිබේ.තොරතුරු දැන ගැනීමේ හිමිකම් යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (වෛද්‍ය සේවා)වෛද්‍ය ජී. විජේසූරියගේ නිල මුද්‍රාව සහ අත්සනින් යුතුව නිකුත් කරන ලද මේ තොරතුරට අනුව 2022 ජූනි 1 වැනිදා සිට 2023 මැයි 31 දක්වා යන කාලයට අදාළ ව රට හැර ගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 544 කි. සිය සේවය අතහැර ගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 197 ක් වන අතර සිය තනතුරුවලින් ඉල්ලා අස් වූ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 109 කි.

කාලීන පුවත්