2023 ලෝකයේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත ෆෝබ්ස් සඟරාව විසින්, මෙම රටවල් 23 නම් කර ඇත. සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගනු ලැබ ඇත.

ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා පෙන්වා දී තිබේ.

අනුරාධපුරය, මහනුවර, පින්නවල අලි අනාථාගාරය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවත්, කෙටි දුරක් ගමන් කර නැරඹිය හැක ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බව ඇය පෙන්වා දී ඇත.

කාලීන පුවත්