2023 වසරේත් රජයේ අනවශ්‍ය වියදම් කැපෙයි

රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළව නිකුත් කොට ඇති චක‍්‍රලේඛය 2023 වසර සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් 2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය ලෙස මෙම නව චක‍්‍රලේඛය නිකුත් කර ඇත. 2023 වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප‍්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බව එමගින් අවධාරණය කර තිබේ.

කාලීන පුවත්