2024 කාන්තා ආසියානු කුසලාන ශූරතාව ශ්‍රී ලංකාවට

2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට පත්වීට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (28) සමත් විය.ඒ කඩුළු 08කින් ඉන්දියාව පරාජයට පත් කරමිනි.රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28) ආරම්හ වූ 2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 165ක් රැස් කිරීමට සමත් විය.ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙනි.ලකුණු 166ක පිළිතුරු ඉලක්කයක් සහිත පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු04ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 167ක් රැස් කරගනිමින් මංගල ආසියානු කුසලාන විජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

කාලීන පුවත්