2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් නිමයි

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් (22) නිමා වනු ඇත. එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි 02 ආරම්භ වීමට නියමිතය.මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා (25) ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.එය දෙසැම්බර් 20 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2312 කදී එය පැවැත්වෙනු ඇත.මෙවර විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුන් දෙනෙකු පෙනී සිටීමට නියමිත ය.පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79795 ක් ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්