2024 වසරේදී ලොව හොඳම සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාවත්

2024 වසරේදී ලොව වේගයෙන්ම ප්‍රවර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.ඒ ලොව ප්‍රමුඛතම සංචාරක මාර්ගෝපදේශන සඟරාවක් වන Travel off Path සිදුකළ සමීක්ෂණයකට අනුව ය. ශ්‍රී ලංකාව වේගයෙන් ප්‍රවර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙන අතර, ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව සහ ඩොමීනියන් ජනරජය සෙසු රටවල් වන වශයෙන් එහි දක්වා තිබේ.දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණ‍ය දිනාගත් රටක් වන ශ්‍රී ලංකාව පාරිසරික විවිධත්වය, දේශගුණික තත්ත්වය, වෙරළ, දියඇලි, වර්ණවත් සංස්කෘතිය, රසවත් ආහාරපාන මෙන්ම ආගන්තුක සත්කාර ආදිය හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් බවට පත්ව ඇතැයි පෙන්වා දෙන Travel off Path සඟරාව මෙම 2023 වර්ෂය පුරාම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ද කියා සිටී.මේ අතර සංචාරක රාජ්‍ය ආමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පුන පුනා ඉදිරිපත් කරන මෙරට සංචාරක කර්මාන්තය,මත් පැන්,දූ කෙළි සහ ගණිකා සේවනය යන තුන් ඈඳුණු සාධක හා නොනිඳන නගර මත පදනම් විය යුතුයැයි යන මතය සම්බන්ධයෙන් මෙරට සංචාරක කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිස් පෙන්වා දෙනුයේ එය ඇයගේ පටු හා පහත් මානසිකත්වය මත පදනම් වූ ප්‍රකාශයක් පමණක් බවය. එමෙන්ම දරු පවුල් විනාශ කෙරෙන සදාචාර විරෝධී ධනෝපායන මංපෙත් විවර කර ගැනීම පිණිස සංචාරක කර්මාන්තයේ සේම අප සමාජයේ යහපැවැත්ම තකන කිසිවකුත් ක්‍රියා නොකරන බව ද ඔව්හු පෙන්වා දෙති.

 

කාලීන පුවත්