2024 වසරේ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි වන පරිදි “සමගි ජන සන්ධානය” නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම ලබන ජනවාරි මස සිදු කරනු බව සමගි ජනබලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.ඒ සඳහා දේශපාලන පක්ෂ රැසක් සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවද ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද සකස් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. එම සන්ධානය සැකසීමේ මූලික කටයුතු සිදුකිරීම මේ වනවිටත් අවසන් කර ඇති බව ද එහි ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පවරා ඇති බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.