2024 සිට පාසල් වාර විභාග වෙනුවට එක් වසර අවසාන විභාගයක්

01 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මෙතෙක් සෑම පාසලකම වසරකට වාර විභාග තුනක් පැවති ක්‍රමය වෙනුවට 2024 සිට වසර අවසාන විභාගය පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.සෑම පාසලකම පැවති ක්‍රමය අනුව වාර‍යකට වරක් සෑම විෂයකම එතෙක් ඉගැන්වූ විෂය නිර්දේශය පදනම් කර ගනිමින් වාර අවසානයේ විභාගය අනුව ලබා ගත් ලකුණු සහ අදාළ ශ්‍රේණිය තුළ තමන් සිටින ස්ථානය ද සිසුන්ට දන්වා තිබුණි.එම වාර විභාග සිසුන් අනවශ්‍ය බරක් බවත් විෂය නිර්දේශය සහ පාසල තුළින් ලැබෙන බර අඩු කිරීම සඳහා වසරකට වරක් වාර විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කොට තිබේ.එමෙන්ම මේ වන විට ද ශ්‍රී ලංකාවේ පවත්නා අධ්‍යාපන ක්‍රමය සාධනීය ප්‍රතිඵල අවම වීම නිසා ලොව දියුණු රටවලින් බැහැර කරන ලද්දක් බව විද්වතුන් නොයෙක් වර පෙන්වා දී ඇතත් ඒ සම්බන්ධ සාධනීය වෙනසක් ඇති කිරීමට දේශපාලන අධිකාරිය හෝ නිලධාරී පැලැන්තිය මෙතෙක් සමත් වී නැත.

කාලීන පුවත්