ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය ඊයේ (23) පැවැත්විය.
මොරටුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ආධුනිකයින් 650 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් බඳවා ගැනීම නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
විෂය ක්ෂේත්‍ර 10ක් යටතේ විවිධ පාඨමාලා මෙහි පැවැත්වෙයි.ආධුනිකයින්ගේ භාෂා දැනුම වර්ධනය කිරීමේ විශේෂ පහසුකම් සහිත භාෂා මධ්‍යස්ථානයක් ද නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණි.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන පාලක මණ්ඩලයේ සභාපති ආචාර්ය නන්දික කේ. හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.