2028 ණය සංචිත ගෙවිය හැකි ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන්

දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවන බවත් 2028 වන විට එම ණය සංචිත ගෙවිය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමට ආණ්ඩුවට .හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) පස්වරුවේ ගම්පහ පැවති මැතිවරණ රැලිය අමතමින් පැවසීය.එහි දී ඒ මහතා මෙසේ ද කීය.“.දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. 2028 දී තමයි අපි ණය ගෙවන්න පටන් ගන්නේ. 2028 දී අපි ගෙවිය යුතු ණය අපි ගණනය කරලා තියෙනවා. එම ණය පංගුව ගෙවිය හැකි ආර්ථිකයක් ආණ්ඩුවට හදන්න පුළුවන්. මහ මැතිවරණය නිමාවී දින දෙකකට පසුව IMF කණ්ඩායම ලංකාවට එනවා. එවිට අපි තුන් වන සමාලෝචනය අවසන් කරලා ජනවාරි අග, පෙබරවාරි මුල වෙනකොට ඒ කටයුත්ත අවසන් කරනවා. එවිට ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවර භාවයක් අපිට ලබාගන්න පුළුවන්.”

කාලීන පුවත්