“21ට කලින් ජනතා ප්‍රශ්න විසඳන්න” පොහොට්ටුවෙන් අගමැතිට තොරොට්ටුවක්

21 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කරනු වෙනුවට ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැනක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණු(පොහොට්ටූ) මන්ත්‍රී වරුන් පිරිසක් ඊයේ(05) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කොට ඇත.හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ ,පවිත්‍රා වන්නිආරච්චි විමලවීර දිසානායක සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී වරු පිරිසක් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ එය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සුළු පිරිසකගේ මතවාදයක් පමණක් බවය

කාලීන පුවත්