21 වැනි ව්‍යස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ තම කැමැත්තට අනුව මිස කිසිවකුගේ බලපෑමකට යටත්ව නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේ දී ගන්නා ලද අසීරුම තීන්දුව බවත් එම අසීරු තීන්දුව තමන් ගන්නා ලද්දේ ද රට වෙනුවෙන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. එමෙන්ම අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමන් සූදානම් බව ද ජනාධිපති වරයා පවසා තිබේ.නව අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බව ද පවසා ඇති ජනාධිපති වරයා එම විස්වාසය පදනම් ව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව ද පවසා ඇත.ඒ මහතා මේ කරුණු සඳහන් කර ඇත්තේ ඊයේ(30) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ය.