21 ගැන අගමැති අධිකරණ ඇමති හා පක්ෂ නියෝජිත හමුව හෙට

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු සහ පාර්ලිම්න්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හෙට(27) පස්වරු 04.00 ට පැවැත්වේ. යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමට පෙර දේශපාලන පක්ෂ හමුවී තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

කාලීන පුවත්