21 වන සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 21 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය.මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ. ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි

කාලීන පුවත්