21 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.ඉදිරි සති දෙක තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ නව කොමිසමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබා දිය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් 05 වන දා පැවැති හමුවේ දී ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු දෙමිනි.රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 140 දෙනෙක් පමණ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවට එක්ව සිටි අතර අනතුරුව පිරිස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් වූහ.