22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත ලබන බදාදා පාර්ලිමේන්තුවට

දැනට බලාත්මක විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු 22 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ලබන බදාදා(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්වසනුයේ එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණහොත් පළමු වර කියවීමෙන් සතියකට පසු විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව හැකියාව පවතින බවකි.22 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය.ඒ අතර ඉන් අනතුරුව එය පසුගිය ජුනි මස 24 වෙනිදා ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් විය.ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාලන කටයුතු සඳහා සම්බන්ධ වීමට ඇති හැකියාව මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් අහෝසි කර ඇති අත්‍ර වෙනත් රටක පුරවැසියකු වන ශ‍්‍රී ලාංකිකයකුට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සිදු නොවිය යුත්තක් බව ද එම කෙටුම්පතේ සඳහන් වේ.

කාලීන පුවත්