ලබන 27 වැනිදා දක්වා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි. මේ අතර දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 17,078කට අයත් පුද්ගලයන් 67591ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ගාල්ල ප්‍රදේශයෙන් එක් මරණයක් වාර්තා වන අතර අයහපත් කාලගුණයෙන් 11ක් තුවාල ලබා ඇත. පීඩාවට පත් පවුල් 27ක පුද්ගලයන් 122ක් ආරක්ෂිත ස්ථාන 3ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය කියයි.මේ අතර රත්නපුර, කොළදන්කුල, එගොඩ ඇල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (21දා) උදේ ගසක් කඩා වැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.