ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ලබන 30 වෙනි අඟහරුවාදා කොළඹට පැමිණ යළි උද්ඝෝෂණ දියත් කිරීමට අරගලයට සම්බන්ධ සංවිධාන කිහිපයක් තීරණය කොට තිබේ.ඒ බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. මීට සති කිහිපයකට පෙර කොළඹ මෙවැනි උද්ඝෝෂණයක් අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එම පිරිස් කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබූහ.මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු පියවර මේ වන විට අංශ කිහිපයක් විසින් සාකච්ඡා කෙරෙමින් පවතී