කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියා මාර්ග වල කොටසක් ලෙස තමිල්නාඩු රජය නව වසර සැමරුම් ඵලදායී ලෙස පාලනය කිරීම සඳහා දෙසැම්බර් 31 සහ ජනවාරි 1 යන දිනවල ප්‍රාන්තයේ සියලුම වෙරළ තීරයන්හි මහජන උත්සව, රැස්වීම් තහනම් කරන බව සඳුදා(13) නිවේදනය කොට ඇත.මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් පැවසුවේ 6-12 ශ්‍රේණි වල පාසල් සිසුන් සඳහා සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා පන්ති චක්රාකාර පදනමින් තවදුරටත් නොපැවැත්වෙන අතර ලබන මාසයේ සිට එය ‘සාමාන්‍ය’ වනු ඇති බවයි. ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ සමාලෝචන රැස්වීම මෙහෙයවීය