මේ වන විට පාසල් වල භාවිතා වන කළු ලෑලි වෙනුවට නවීනතම ස්මාට්බෝඩ් 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් වන විට සියලු පර්ෂද මූලස්ථ ප්‍රමුඛ පාසල්වලට ලබාදීමට පියවර ගන්නා බවත් වසර තුනක් ඇතුළත එම පාසල් ඩිජිටල්කරණය කර එක ම ජාලයකට ගෙන සුහුරු අධ්‍යාපන අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එළඹෙන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය වරයා පවසයි.