356% පොලියට ණය දෙන ඔන්ලයින් ජාවාරම් ගැන මහ බැංකුව පොලීසිය නිහඬයි

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ණය දෙන නීති විරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ පොලිසිය හෝ ඒ සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු අවධානයක් දක්වා නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියා සිටියි.එසේම, මේ සමාගම්වවල වාර්ෂික ණය පොලී අනුපාතිකය 365%ක් වන බවද,එම සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ( 23) අනාවරණය කළේය.එම මාධ්‍ය හමුව සඳහා දූෂණ විරෝධී හඬ සංවිධානයේ නියෝජිතයන් සහ එම ඔන්ලයින් ණය ජාවාරමට ගොදුරු වූවන් කිහිපදෙනෙක් දසහභාගී වී සිටියහ. “මේ වගේ නීති විරෝධී ආයතන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය ඉඩ දී, නිහඬව සිටිමින් කුමක් කරනවාද? යන්න ප්‍රශ්නයක්. මෙම මූල්‍ය ජාවාරම්කාර ආයතනවල මැරයන් තමන්ට එල්ල කර තිබෙන තර්ජන පිළිබඳව මෙම වින්දිතයන් සෘජුවම පොලිස්පතිටත් රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලටත් පැමිණිලි කර තිබෙනවා.නමුත් ඒ සම්බන්ධයෙන් වත් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැහැ.අප රටේ වෙසෙන චීන ජාතිකයන් පවා මෙම මූල්‍ය ජාවාරම් ආයතන පවත්වා ගෙන යන බවට තොරතුරු ලැබී තිබෙනවා”යැයි ද වසන්ත සමරසිංහ මහතා කීය.

කාලීන පුවත්