ඩග්ලස් දේවානන්දාට ඇමතිකමක් දෙන්න අපට පයිත්තියන් නෑ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරණ ඊ.පී.ඩී.පී සංවිධානය එකඟතාවයකට පැමිණි බවටත් ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා මහතාට ඇමතිකමක් ලැබෙන බවටත් ඔහු ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු ගැන කළ ජනාධිපති වරයා සමඟ කළ සාකච්ඡාව අනුව ධීවර ඇමතිකම ලැබෙන බවටත් පවතින ප්‍රචාරය උතුරේ ඡන්දදායකයන් මුලා කිරීමට ඔවුන් ගෙන යන ප්‍රචාරයක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික බිමල් රත්නායක මහතා පවසයි. “ඩග්ලස් දේවානන්දාට ඇමතිකමක් ලබා දෙන්න ජනාධිපති තුමාටවත් අපටවත් පයිත්තියන් නෑ. ඔහු ගෙන යන බොරු ප්‍රචාර නතර කරයි කියලා බලාගෙන හිටියා. ඒත් ඒ ප්‍රචාර නතර කරන්නේ නෑ. රට විනාශ කරන්න දායක වූ ඩග්ලස් දේවානන්දා ඇතුළු කිසිම කෙනෙක් වද්ද ගන්නේ නෑ.“ යනුවෙන් බිමල් රත්නායක මහතා පවසයි.