රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමේ ස්වයං ප්‍රකාශය දීම අදින් අවසන් නොවේ

වාර්ෂිකව රුපියල් ලක්ෂ 18ට අඩුවෙන් ආදායම් ලබන පුද්ගලයන් ගේ තැන්පතු පොලී ආදායම් මත පනවා ඇති රඳවා ගැනීමේ බද්ද නිදහස් කර ගැනීමට ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ කාලසීමාව අදින් (30) අවසන් වන බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ගනුදෙනුකරුවන්ට ඕනෑම අවස්ථාවක තම ස්වයං ප්‍රකාශය බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ හැකි බවත් ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශයට පත් කොට නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබේ.නමුත් අදාල බැංකුව හෝ මූල්‍ය ආයතනය පොලිය ගෙවීමේදී රඳවා ගැනීමේ බදු අඩුකර ගෙවීම් කරන බැවින් ඊට පෙර එම තොරතුරු ප්‍රකාශනය බැංකුව හරහා ලබා දිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි..

කාලීන පුවත්