ලබන ජූලි 6 වැනිදායින් පසුව ගෑස් සිලින්ඩර එක් ලක්ෂ විසි දහසක් වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවෙතැයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියයි. දිනකට කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80 දහසක් බැගින් සහ කුඩා ප්රමාණයේ ගෑස් සිලින්ඩර 40 දහසක් දිනකට වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා කියයි.