වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කරන බව වාර්තා වෙයි.
අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.