ගෘහස්ථ ගෑස් සැපයුම මුළුමනින්ම අත්හිටුවයි

සති දෙකකට පෙර ශ්‍රි ලංකාවට ළගා වූ ගෑස් නෞකා දෙක ඩොලර් නොමැති කමින් මේ දක්වා නිදහස් කර ගැනිමට නොහැකි වීම මත ගෘහස්ථ භාවිතය සදහා එල් පී ගෑස් සැපයීම මුළුමනින්ම අත්හිටුවීමට තීරණය කොට ඇතැයි ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ප්‍රකාශ කරයි. අත්‍යවශ්‍ය සහ වාණිජ භාවිතය සඳහා වන ගෑස් පමණක් බෙදා හරින බව එම සමාගම්වල සභාපතිවරු පවසති. ගෑස් සැපයුමේ හිඟය හේතුවෙන් මෙම තීරණය ගැනිමට සිදු වූ බව එම සමාගම් සදහන් කරයි.දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති මෙම නැව් දෙකේ ගෑස් තොග ලබා ගැනීම පිණිස ඩොලර් ලබාගැනීම සඳහා රජයේ බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව එම සමාගම් පවසයි.

කාලීන පුවත්