9 වැනිදා ප්‍රහාරය ගැන සීඅයිඩිය මහින්ද ගෙන් ප්‍රකාශයක් ගනියි

කොල්ලුපිටිය හා ගාලුමුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂකයන්ට සිදුවු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඊයේ(25) පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත.එදින එම ප්‍රහාරය අරලිය ගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පොදු පෙරමුණු පාක්ෂික හමුවක් අවසන් වීමත් සමඟ සිදු වූවක් නිසා ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කළ යුතු බව පාර්ශව ගණනාවකින් දැඩි ලෙස පවසා සිටින අතර තම පෞද්ගලික ආරක්ෂාව තකා හිටපු අගමැති වරයා මේ දිනවල සියළු සමාජමය කටයුතු වලින් බැහැර ව සිටියි.

කාලීන පුවත්