9 වන දා ප්‍රහාරය ගැන අහන්න මහින්ද ඇතුලු පිරිසක් මානව හිමිකම් කොමිසමට

9 වන දා ප්‍රහාරය ගැන අහන්න මහින්ද ඇතුලු පිරිසක් මානව හිමිකම් කොමිසමට පසුගිය 9 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි විරෝධතාවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී සිදුවිම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත කැඳවීමට තීරණය කර තිබේ.ඒ අතර හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන,ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ කැබිනට් අමාත්‍ය ‍රමේෂ් පතිරණ මහතා ද ලබන මස 01 වන දා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා ඇතැයි මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.වටරැක බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති දේශපාලන රැස්විමක් සඳහා සහභාගි කරවු බව කියන පැමිණිල්ලට අදාලව සිදු කරන විමර්ශන සඳහා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.මෙම සිද්ධියට අදාලව කරුණු විමසිම සඳහා මීට පෙර බන්ධනාගර කොමසාරිස් ජෙනරාල්වරයා ද කොමිසම හමුවට කැඳවා තිබුණි.මානව හිමිකම් කොම්සම සඳහන් කළේ, ලබන 02 වනදා පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බවය.

කාලීන පුවත්