හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්‍රේල් මස 20 …

ඉන්දීය මහ මැතිවරණය හෙට ඇරඹෙයි

ලොව මැතිවරණ අතුරින් ප්‍රබලතම සංසිද්ධියක් සේ සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි.ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලෝක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 …

පරිසර හානි දන්වන්න කෙටි දුරකථන අංක

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ. කැනීම් සිදුකිරීම, ගං ඉවුරු කාදනය සිදුකිරීම, කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම, පරිසර විනාශයන් ඇතුළු සියලුම පාරිසරිකව සිදුකරන හානි පිළිබඳව මෙම දුරකථන අංකයෙන් දැනුම් දිය හැක …

වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ලොකුම වැස්ස ඇද හැලෙයි

වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ඇද හැළෙන වැඩිම වර්ෂාපතනය මේ වන විට ලැබෙමින් පවතී.අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට දැඩි එල්ල වී ඇති බලපෑම් එල්ල වී ඇති අතර වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ …

තැපෑලෙන් පණිවිඩයක්

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් …

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක්!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි මරණයට විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතු වී ඇති බව කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

vinivida.lk

ජෝර්ජියානුවන් සුනඛ හිමිකම් කොතෙක් අගයන්නේ ද යත්; හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ (ජෝර්ජියාවේ සංචාරයකින් පසු)

ඉකුත් සතියක මට ජෝර්ජියාවේ සංචාරයක යෙදීමට අවස්ථාවක් ලැබිණි. ජෝර්ජියාවේ ද වීදි සුනඛයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව එහි ගත කළ කාලය තුළ මා හට වැටහිණි. එහි දී ඔවුන් කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු වූයේ ඔවුන් අප රටේ සිටින වීදි සුනඛයන් මෙන් නොව ඔවුන් පෙනුමින් සේම විවිධ වර්ගවලින් ද දැකිය හැකි වූ නිසා ය.ඒ අතුරින් අප රටේ බහුලව දක්නට ලැබෙන සාමාන්‍ය ඩිංගෝ(Dingo) සුනඛයන් ද දක්නට ලැබිණ. අපේ රටේ …

vinivida

දිඹුලාගල සෙල් ලිපියෙන් සුදොවුන් රජු සෙවීමේ ඛේදවාචකය

මා ද්වීතීයික අධ්‍යාපනය ලත් පාසල අද්දර නිවෙසකට පිට පළාතකින් පවුලක් පදිංචියට ආහ. එහෙත් ,ඔවුන් තුළ පැවැති එක් අසාමාන්‍යතාවක් කෙරෙහි ද අපට එවක දැන ගන්නට ලැබිණ. එනම් එම පවුලේ ගෘහ මූලිකයා ඇතුළු සෙසු සාමාජිකයන් කවුරුන් හෝ තමන්ට හූනියම් කරතැයි යන බියකින් නිරතුරුවම පෙළුණු බවකි. ඒ අනුව ඔවුන් දිනපතා අලුයම නින්දෙන් පිබිදුණු මොහොතේ සිට වරින් වර තම ගෙවත්තේ හූනියම් ලකුණු ඇද්දැයි විපරම් කරන බව ද අපට දැන ගත හැකි …

නුවර වැවෙන් මතු වන කිඹුල් මුහුණක් සහිත දැවැන්ත මාළුවා ගේ කතාව

මහනුවර වැව හෙවත් කිරි මුහුදෙහි මෙයට පෙර කිසිදා දැක නැති දැවැන්ත මත්ස්‍යයකු සිටින බව වාර්තා වෙයි. කිඹුලකු හා සමාන මුහුණක් සහ මාංශ භක්ෂණයට සරිලන දත් ආදිය පිහිටි මේ මත්ස්‍යයා ‘ඇලිගේටර් ගාර්’ (Alligator Gar) නමින් හඳුන්වනු ලබන මත්ස්‍යයා බව හඳුනා ගෙන ඇත. අඩි නවයක් පමණ දිගට වර්ධනය වන මේ මත්ස්‍යයා ජලය මත වෙසෙන කොකුන් වැනි ප්‍රමාණයෙන් විශාල පක්ෂීන් පවා ආහාරයට ගන්නා බවත් හෙළි වී තිබේ. මහනුවර වැවේ උල්පැන් …

vinivida

මිලියන 969 ක් ඡන්දය දෙන ලෝකයේ ලොකුම මැතිවරණය

සාමාන්‍යයෙන් ලෝකයේ ලොකුම පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන්නේ අප අසල්වැසි ඉන්දියාවේ යි. මේ වසරේත් ඉන්දියාවේ මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර මේ වනවිට එම මැතිවරණය පිලිබඳ උණුසුම කෙමෙන් ඉහළ යමින් තිබේ. ඒ, මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිලිබඳව පසුගිය දා නිශ්චිතව ප්‍රකාශයට පත් වීමත් සමග ය. මැතිවරණ කොමිසම පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළ ආකාරයට ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 19 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබේ. අපේ රටවල මෙන් නොව ඉන්දියාවේ පාර්ලිමේන්තු …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්

දේවාල බිමේ දී දැරියක ගේ මල්වර වීමක් සිදුවීම මුල් කොට නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දැමුණු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.එහෙත්, ඒ ප්‍රවෘත්තිය සම්පාදනය වීමේ දීම සිදු …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සුරතල් සතුන් ගෙනුත් රෝග සුවය

සුරතලයට සතුන් ඇති කිරීම ලෝකය පුරාම වාගේ දැකිය හැකි දෙයක්. මනුෂ්‍යයන් මෙලෙස සතුන් ඇති කිරීමට පුරුදු වී තිබෙන්නේ ශිෂ්ටාචාරගත වීමටත් පෙර සිටම බව පැවසෙනවා. පූර්ව ශිලා යුගයේ සිටමත් මේ පුරුද්ද මානවයන් අතර තිබූ බවට තහවුරු වූ සාක්ෂි තිබෙනවා. ශිෂ්ඨාචාරගත වූ පසුවත් මනුෂ්‍යයන් තුළ ඒ පුරුද්ද නැති වුණේ නෑ. දිගින් දිගටම මේ දක්වාමත් සුරතලය⁣ට සතුන් ඇති …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ
latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!