Skip to main content

vinivida.lk

Skip to main content

vinivida.lk

hotline

වනාන්තර කිහිපයක් එළඹෙන 05වනදා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ

2025 වසරේ ආරම්භ කළ වනස්පති වැඩසටහන යටතේ මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම එළඹෙන ජුනි මස 05වනදා තවත් රක්ෂිත 5ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව සමස්ත රක්ෂිත ප්‍රමාණය 86ක් දක්වා ඉහළ යන බවයි වාර්තාවෙයි. රිටිගල, …

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

ප්‍රවාහන බහාලුම් ගාස්තු ඊයේ (01) සිට ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් කියා සිටියේ එම ගාස්තු 5%කින් ඉහළ දමන බවයි …

මැදපෙරදිග යුද්ධය නිසා දේශීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ඉදිරියේදී මෙරට ඉන්ධන මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවීමේ මැදපෙරදිග යුද්ධය නිසා දේශීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා …

වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක්

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, මැයි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 8321ක් වාර්තා වී ඇති බවයි. මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් හඳුනාගෙ ඇත්තේ, කොළඹ, ගම්පහ …

ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන ඊයේ(01) සිට ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වල ආරම්භ කර තිබේ.ඒ අනුව ඊයේ සිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන්ට හෙපටයිටීස් – බී – Hepatitis B virus තිබේදැයි සොයා බැලීමට රුධිරය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි. දිවයිනේ සියලු මාතෘ …

IMF 6 වැනි සහ 7 වැනි ණය වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 6 වැනි සහ 7 වැනි වාරික මුදල් ජුනි මස මුල් සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදු වන බවද එම අමාත්‍යංශය පවසයි.ශ්‍රී ලංකාව …

ලෝක සාහිත්‍යයේ “පල්ප්” මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)

ඩීමන් ආනන්ද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ අප දන්නා කියන කාලයේ පොත්පත් නොකියවීම දඬුවම් ලැබීමට හේතුවක් විය. එහෙත්, 1960-80 දශකවලදී ඊට ඉඳුරාම පරස්පර ලෙසින් එක්තරා පොත් වර්ගයක් කියවීම නිසාම සිසුහු දඬුවම් ලැබූහ. ඒ අන් කවරකුගේවත් නොව “මාරක කතා චක්‍රවර්තී” ඩීමන් ආනන්දයන් ලියූ A5 (අඟල් 5.8 x අඟල් 8.3) ප්‍රමාණයේ කුඩා සාක්කු පොත් ය. වැරදි කළවුන්ට ක්ෂණිකව මරණ දඬුවම ලබා දීමේ බලපත්‍ර (Licence to kill) හිමි වීරයකු හුවා දක්වමින් හා යථාර්ථයෙන් ඉඳුරාම බැහැර ගුප්ත සංසිද්ධීන් මඟින් අප තුළ භාවාත්මක චිත්ත රූප ගොඩනංවමින් පරම්පරාවක්ම සිංහල පොතපත කියවීමට …

urumayaka asiriya

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන 'කිරි පැණි' 'බත බුලත' යන්නෙහි සැබෑ අරුත් මෙන්න- තිලක් සේනාසිංහ

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න

ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්‍යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම පළමු සුබ පැතුමේ එන ‘කිරි’ සහ ‘පැණි’ යන්නෙන් …

ethera-methra

දැඩි උණුසුම් කාලවල ඇති වන තාප ආතතිය ගැන දැන ගනිමු

මේ දිනවල පවතින්නේ ශරීරයට පීඩාකාරී දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයකි. මෙම පෙබරවාරි මාසයෙන් ඊසාන දිග මෝසම් තත්ත්වය අවසන් වුවත්,මාර්තු අප්‍රේල් මාසවල එළඹෙන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය නිසා මීටත් වඩා උණුසුම් සහගත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් පළ වී තිබූ පුවතකට අනුව අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය පවතින මාර්තු, අප්‍රේල් මාසවල සුළං හමන වේගය අඩුවීමත්, අධික හිරු එළිය පොළොවට පතිත වී පොළොවෙහි ජලාශ ප්‍රදේශ …

vinivida

“සැඟවූ ආයුධ පෙන්වන්නට සැක කරුවන් රැගෙන යාමෙන්” පාතාල මිනී මැරුම් මැඬලිය හැකි ද?- ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

අපරාධ සම්බන්ධයෙන් විමසා බැලෙන විට කෙසේ වත් සුළු කොට තැකිය නොහැකි සංවිධානාත්මක අපරාධ කෙරෙහි අදාල බලධාරීන් ගේ අවධානය යොමු ව ඇති බවක් පෙනේ.ඉකුත් 22 වන දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී කරුණු ඉදිරිපත් කළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වූ තොරතුරු යම් ප්‍රමාණයක් එළි දක්වා තිබේ.ඒ අනුව ඔහු මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ ඒවා හා සම්බන්ධ පුද්ගලයින් 1,400ක් පමණ හඳුනාගෙන …

vinivida

පාතාලය නැති කරනවා නොකියා සංවිධානාත්මක අපරාධ අවම කරනවා කිව්වොත් නේද හරි?

ඉකුත් 21 වන දා මීගමුව ප්‍රදේශයේ සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් අනූ නවයෙන් ව්‍යාර්ථ වී තිබේ.මීගමුවේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසලක හිමි කරුවෙකු මෙම වෙඩි පහරේ ඉලක්කය බව පොලිසිය පවසයි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් මොහොතේ ඔවුන් ගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම මත එම උත්සාහය ව්‍යර්ථව ඔවුන් පළා ගොස් ඇත.ගනේමුල්ල සංජීව නම් සංවිධාත්මක අපරාධ කරුගෙන් වෙන්ව වෙනම සංවිධානාත්මක …

වන අලි ඇතුන් ගේ තිඹිරි ගෙය පෝරකයක් වීමට ඉඩ නොතබමු

පසුගිය පෙබරවාරි 19 වැනිදා රාත්‍රියේ කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් පැවති මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලි සය දෙනෙකු මිය ගිය ඛේදජනක සිදුවීම මනුෂ්‍යත්වය හඳුනන සියලු දෙනාම මහත් කම්පනයකට පත්ව සිටිති. දුම්රිය මාර්ගයේ ගල්ඔය සහ මින්නේරිය අතර 141 සැතපුම් මාර්ගයේ කවුඩුල්ල වන රක්ෂිතය අවට මේ ඛේදනීය සිදුවීම සිදුව තිබේ. රාත්‍රී 11.30 ට පමණ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති දුම්රියේ මේ වන අලි …

නාන කාමරය තුළ හෘදයාබාධ ඇති වන්නේ ඇයි? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“බාත් රූම් එකේ ලිස්සලා වැටුණා” යන වදන අපට නිතර අසන්නට ලැබෙන්නකි. ඇතැම් රෝගීන් සම්බන්ධයෙන් මෙන්ම මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් පිළිබඳව අප අසා තිබේ. එහෙත් නාන කාමර අනතුරු සම්බන්ධයෙන් නිතර අසන්නට ලැබෙන මෙම ‘ලිස්සා වැටීම’ යන සිදුවීමට වඩා බරපතළ සෞඛ්‍ය අවදානමක් ඒ තුළ සැඟවී තිබිය හැකි බව බොහෝ දෙනෙක් නොදනිති. එනම්, නාන කාමරය තුළදී හෘදයාබාධයක් හෝ වෙනත් හෘද වාහිනී …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinividasayanaya

vinivida

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

​”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. ​නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත – සුපුන් ළහිරු ප්‍රකාශ්

ඉකුත් බදාදා (20) දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස වලට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඒ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් …

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ

කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …

rasagagula

වයස අවුරුදු 61 දී ආමිර් ඛාන් තුන්වැනි විවාහයට සැරසෙයි

බොලිවුඩයේ ජනප්‍රිය නළු ආමීර් ඛාන් විවාහ වීම්, දික්කසාද වීම් පිලිබඳ යම් ප්‍රසිද්ධියක් උසුළන්නෙකි. ඔහු මෙයට පෙර දෙවතාවක්ම විවාහ වී දික්කසාද වී තිබේ. මේ වනවිට 61 වැනි වියේ පසුවන ආමීර් දැන් …

/ රසගඟුල
මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ අපූරු සිනමාපටයක් මේ දිනවල ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ශණය කරගනිමින් අති සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙමින් තිබෙනවා. මෙම චිත්‍රපටයේ …

/ රසගඟුල

කෑම වේලටත් “ඉක්මන්, ක්ෂණික හා පහසු” එලෙසම යොදා ගනිමු ද?

අද වන විට ශ්‍රී ලාංකික ජන සමාජය අතීතයට සාපේක්ෂව කඩිනම් ස්වභාවයක් පෙන්නුම් කරන අතර, “ඉක්මන්, ක්ෂණික හා පහසු” යන සංකල්පවලට අතීතයේ නොතිබූ ප්‍රායෝගික වටිනාකමක් හිමිව තිබේ. මෙම කඩිනම් බව වත්මන් සමාජයේ ආහාර රටාවන් කෙරෙහි සෘජුව බලපා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික ආහාර (Fast Food) වත්මන් ආහාර සංස්කෘතියේ ප්‍රධාන තැනක් …

/ පහන් ටැඹ
ruubi

පිස්සු ඔල්මාද සහ මානසික රෝග යනු එකක් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ගේ සුවිශේෂී හැසිරීම්, සිතුවිලි හෝ කථන විලාසයන් නිරීක්ෂණය වන විට, ඔවුන්ට “පිස්සු” හෝ “ඔල්මාදකාරයන්” ලෙස ලේබල් ඇලවීමට බහුතරයක් දෙනා පෙළඹෙති. මෙය මානසික රෝග සම්බන්ධ විද්‍යාත්මක විවරණයන් ප්‍රකාශ වීමට පෙර අතීතයේ පැවැති ජන සම්මතයකි. ඉංග්‍රීසි භාෂාවෙන් “උමතු”, “ඔල්මාද” හෝ “පිස්සු” යන අර්ථය දෙන වචනයකි, ‘ලූනටික්’ (Lunatic) යන්න …

/ පහන් ටැඹ

iraadurupata

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව?

අද ශ්‍රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්‍රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම් බැතිමතුන් සභාවෙන් ඈත් වූ බවට තර්කයක් ඇතැම්හු ඉදිරිපත් කරති. මෙම තර්කය දේශපාලනිකව පහසුවෙන් භාවිත කළ …

ගණිතය බැරිකම මෝඩකමක් ද?

කුඩා ගණිත ගැටලුවක්වත් විසඳාගත නොහැකි දරුවා “මෝඩයෙක්” යැයි හුදකලා කර මුද්‍රා තැබීමේ අසාධාරණ ජන සම්මතය අදටත් අප සමාජයේ ගැඹුරින් මුල් බැස තිබේ. අතීතයේදී මෙම තත්ත්වය කෙතරම් බරපතල ලෙස පැවැතියේ ද යත්, යන්තම් හයක් හතරක් තේරෙන දා සිටම බොහෝ දරුවන්ට මෙන්ම මට ද ඒ “මෝඩ ලේබලය” නොමසුරුව ඇලවිණි. පන්තියේ අන් ළමයින් …

error: Content is protected !!