බස් ගාස්තු ඉහළ යාම නිසා දුම්රියන් මගීන් ගෙන් පිරෙයි

පසුගිය කාලය තුළ බස් ගාස්තු අවස්ථා කිහිපයකින් ඉහළ නැංවීම මත කාර්යාල දුම්රියවල ගමන් ගන්නා මගින් සංඛ්‍යාව සියයට 40 කින් පමණ වැඩි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.එමෙන්ම දුරගමන් බස් රථ ධාවනය ද පහත වැටිම නිසා ද බොහෝ දෙනෙකු දුම්රිය ගමන් බිමන් කෙරෙහි යොමු වී තිබේ.. මේ හේතුව නිසා වාර ප්‍රවේශ පත්‍ර රැගෙන දුම්රියේ ගමන් කරන අයටද දුම්රියේ ඉඩකඩ ඇහිරී ඇත.ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කියා සිටියේ වර්තමාන ප්‍රවේශ පත්‍ර ගාස්තුව යටතේ දුම්රිය ධාවනය රජයට අධික ලෙස පාඩු සිදුවන්නක් බැවින් නුදුරේදීම දුම්රිය ගාස්තු ද යාවත් කාලීන කළ යුතු බවකි.

කාලීන පුවත්